Total Pageviews

Monday, May 15, 2017

සංස්කෘතිය විදීම







ප‍්‍ර‍්‍රකෘති මිනිසා ජීවිතයේ ඇහිදගත් සියල්ල සංස්කෘතිය ලෙස හඳුන්වා දීමට හැකිය. සරලවම කිවහොත් මිනිසා සදාචාර සම්පන්න වන්නේ සංස්කෘතිය නිසාවෙනි. ඒ සඳහා බලපාන සමාජ සාදක ලෙස ආගම, භාෂාව, සිරිත් විරිත්, ආර්ථිකය, නීතිය, දේශපාලනය, පවුල වැනි සංස්ථා සෘජුවම බලපායි.

පිටස්තර බලපෑම් නිසා සංස්කෘතියේ වෙනස්කම් හට ගනී. මේ සඳහා ජනමාධ්‍ය සෘජු දායක්වයක් සපයයි. ඒ අනුව සංස්කෘතිය ජන මාධ්‍ය අතර අවියෝජනීය සබඳතාවයක් දැකගත හැකිය. විවිධ බලපෑම්කාරී සාදක හමුවේ සංස්කෘතිය කලින් කලට වෙනස් වෙමින් තවතවත් මිනිසා කෙරෙහි බලපෑම් කරන්නේය.  විටෙක යහපත් ස්වරූපයෙන් ද තවත් විටෙක ඊටත් වඩා අයහපත්කාරී ස්වරූපයෙන් ද මිනිසා සංස්කෘතික බලපෑම් වලට ලක් වන්නේය.

 ලොව ජීවත් වන සෑම මිනිසෙක් තුළම සංස්කෘතීන් ගණනාවක ම ලක්ෂණ දැකගත හැකිය. එනම් එක් මිනිසෙක් තුළ භාෂාමය වශයෙන් ආගමික වශයෙන් හා ජාතිකමය වශයෙන් මෙන්ම දේශපාලනික, ආර්ථික හා අධ්‍යාපන මට්ටම අනුව ද සංස්කාතික වී ඇත. ඒ අනුව සමාජය කේවල් වී ඇත. ආගමික වශයෙන් සමාජය බෙදී ඇත. දුප්පත් පොසත් වශයෙන් ගොඩවල් දෙකකි. එමෙන්ම ධනවාදී සමාජවාදී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස දේශපාලනමය සංස්කෘතීන් බිහිකොටගෙන ඇත්තේය.

සංස්කෘතික පැවැත්ම අත්‍යවශය වන්නේය. ඒ හරහා මානවගේ චර්යා ස්වභාවය අධ්‍යනය කළ හැකිය. නමුත් බොහෝ අවස්ථාවන්හීදී සංස්කෘතිය යොදා ගන්නේ බෙදී යාමට විනා අධ්‍යනයට හෝ ගවේෂණයට නොවීම කණගාටුවට කරුණකි.

සංස්කෘතික විවිධත්වයේ සුන්දත්වය දැකීමට නම් අනෙකාගේ සංස්කෘතියට ගෞරවනීය ලෙස සැලකීමේ සංස්කෘතියක් මානව චින්තනය තුළ බිහිකරගත යුතුය.