Total Pageviews

Thursday, July 6, 2017

කතරගම දරුවෝ





අතරතුර කතරගම
කිරිවෙහෙර යන අතරමඟ
උඹ හිටියා ගිනි අවුව යට....
දිදුළනා උඹෙ දුඹුරු හම
බැබළෙනා උඹෙ තඹ පාට කෙස්
මට කිව්වා ....
හුරු පුරුදු බව කතරගම වැලි කතර.

පුංචි උන් තව උඹ වාගේ
මැණික් ගඟ ළඟ ඉඳන් හිටියා...

කතරගම දෙයියනේ මම ..
කතරගම අවා
දරුවෙක් පතාගෙන...
පතාගෙන එන අම්මලා මං වගේ
ඉද්දි දේවාලේ වට උස්සන් වට්ටි.
දෙයියො කොහොම ද
දෙයියනේ  මේ
දරුවෝ දුන් හැටි.......