Total Pageviews

Thursday, July 6, 2017

කතරගම දරුවෝ





අතරතුර කතරගම
කිරිවෙහෙර යන අතරමඟ
උඹ හිටියා ගිනි අවුව යට....
දිදුළනා උඹෙ දුඹුරු හම
බැබළෙනා උඹෙ තඹ පාට කෙස්
මට කිව්වා ....
හුරු පුරුදු බව කතරගම වැලි කතර.

පුංචි උන් තව උඹ වාගේ
මැණික් ගඟ ළඟ ඉඳන් හිටියා...

කතරගම දෙයියනේ මම ..
කතරගම අවා
දරුවෙක් පතාගෙන...
පතාගෙන එන අම්මලා මං වගේ
ඉද්දි දේවාලේ වට උස්සන් වට්ටි.
දෙයියො කොහොම ද
දෙයියනේ  මේ
දරුවෝ දුන් හැටි.......

6 comments:

  1. කිරි වෙහෙරෙ කිරි වෑහෙනා
    කිරි නැතුව මවු වැහැරෙනා
    වෙහෙර වට කප් රැක් බදින දා
    ෂිවගෙ දරැවන් බිහිවෙන

    great work Sina...keep it going

    ReplyDelete
  2. ස්තූතියි අයියේ...

    ReplyDelete
  3. කතරගම අව්වයි ජීවිතවල ඛේදවාචකයයි රුපයෙන් දැනෙනවා

    ReplyDelete
  4. මට කියන්න අවශ්‍ය උණු දේ පටකයට දැනෙනවා කියල දැනගැනිමම සතුටක් සර් .ස්තූතියි ඔබට

    ReplyDelete