අතරතුර කතරගම
කිරිවෙහෙර යන අතරමඟ
උඹ හිටියා ගිනි අවුව යට....
දිදුළනා උඹෙ දුඹුරු හම
බැබළෙනා උඹෙ තඹ පාට කෙස්
මට කිව්වා ....
හුරු පුරුදු බව කතරගම වැලි කතර.
පුංචි උන් තව උඹ වාගේ
මැණික් ගඟ ළඟ ඉඳන් හිටියා...
කතරගම දෙයියනේ මම ..
කතරගම අවා
දරුවෙක් පතාගෙන...
පතාගෙන එන අම්මලා මං වගේ
ඉද්දි දේවාලේ වට උස්සන් වට්ටි.
දෙයියො කොහොම ද
දෙයියනේ මේ
දරුවෝ දුන් හැටි.......
කිරි වෙහෙරෙ කිරි වෑහෙනා
ReplyDeleteකිරි නැතුව මවු වැහැරෙනා
වෙහෙර වට කප් රැක් බදින දා
ෂිවගෙ දරැවන් බිහිවෙන
great work Sina...keep it going
ස්තූතියි අයියේ...
ReplyDeleteGreat ridee....
ReplyDeleteකතරගම අව්වයි ජීවිතවල ඛේදවාචකයයි රුපයෙන් දැනෙනවා
ReplyDeleteමට කියන්න අවශ්‍ය උණු දේ පටකයට දැනෙනවා කියල දැනගැනිමම සතුටක් සර් .ස්තූතියි ඔබට
ReplyDeleteGreat
ReplyDelete