ඉතින් උඹ හිනාවෙයන්.......
උඹ දැන් කොහේ ඉන්නවද කියන්න මම දන්නෙ නැහැ.අපි මුණගැහුනෙ පානම ගමේ දී . හරියට ම අවුරුද්දකට කලින්. එදත් මේ උඹේ අහිංසක අව්‍යාජ හිනාවට මම පුදුමාකාර විදිහට ආදරේ කළා. අදත් එහෙමයි. සමහරක්විට උඹ අදත් යාල්පානමේ ඉඳන් කතරගමට පයින් යන නඬේ ඉන්නව ඇති.මේ අහිංසක හිනාව අදටත් උඹ ළඟ ඇති. ඒ මොකද උඹ තවම පුංචි පැටියෙක් හින්දා.
මේ වෙනකොට ලංකාවේ මිනිස්සු සියගානකගේ ජීවිත ගංවතුරට ගහගෙන ගිිහින්. තවත් පිරිසක් ආගිය අතක් නැහැ. ලක්ෂ ගානක් මිනිස්සු අවතැන් වෙලා.ඉස්කෝලවල්වල , පන්සල්වල , පල්ලිවල ඒ මිනිස්සු ජීවිතේ හොයනවා. මේ රටේ මිනිස්සු මේ තරම් අසරණවෙලා ඉද්දී ආණ්ඩුව ඇමතිවරුන්ට ගෙවල් හදන්නයි වාහන ගන්නයි කෝටි ගානක් සල්ලි පාස් කරනවා . පුංචි පැටියෝ උඹ මේවා දන්නෙ නැහැ, ,ඒ හන්දා උඹ හිනාවෙනවා.
මේක මහ පුදුම රටක් පැටියෝ. අපේ මිනිස්සු මෙහෙම දුක් විඳිද්දී විනෝදාත්මක සජීවී රූපවාහිනී වැඩසටහන් කරන එක හරිද කියලා දුරකථනෙන් අහපු පේ්රක්ෂිකාවගෙන් ඒ වැඩසටහන කරපු හාදය අහනවා ගං වතුර කියලා ඔයා ගෙදරට වෙලා ඉඳන් බත් නොකා ඉන්නෙ නෑ නේද කියල. මම උඹට මේවා කියන්නේ වස්තුවේ , අපි හිතන තරම් ලෝකෙ සුන්දර නැති බව කියල දෙන්න. නැතුව මට ඕනි නෑ උඹට මේවා කියල ඔය ලස්සන හිනාව නැතිකරල දාන්න එ්ත් මේ තමයි ඇත්ත.
මේ වෙනකොට අපේ මිනිස්සු 169 දෙනෙක් ගං වතුරයි නාය යෑම් හින්දයි මියගිහින්. 122ක් අතුරුදන්. ලක්ෂ 5 ක් අවතැන්. ඒත් අපේ ජනාධිපතිතුමයි අගමති තුමයි තවමත් විදේශ සංචාරේ. එ් අස්සේ තව තව දේශපාලූවෝ ලකුණු දාගන්න වතුරට බැහැල.උන් ගං වතුරේ ජන්ද බානවා.පුංචි උඹේ හිතට මේ උප්පරවැට්ටි නොතේරෙන හන්දා ඉතින් උඹ හිනාවෙනවා. විපතට පත් වෙච්චි මිනිස්සුන්ට සහනාධාර රටේ හැම මුල්්ලකම එකතුකරනවා.අපි වෙනුවෙන් අපි කියලා , පොසොන් එකට එකතු කරපු දන්සලූත් අරන් නැති බැරි මිනිස්සුම අසරණ වුණු ඒ මිනිස්සුන්ට සරණ වෙන්න හදනවා. මේ සම්ප්රදාය අද ඊයෙක නෙමෙයි 2003 ගං වතුරෙ දි , 2004 සුනාමියෙ දි , 2016 ගං වතුරෙ දි , 2017 කුණු කන්ද නාය ගියහමත් අපි ලඟ තිබුණා.ඒ නම් හදාගන්නවත් ආයතනවල ජනපි‍්‍රය තාවයටවත් නොවෙයි. සමහරවිට ඒ ආධාර ලැබුණු මිනිසිසුවත් දන්නෙ නැතුව ඇති ඒවා ගෙනත් දුන්නෙ කවුද කියලවත්.
මේවා උඹට බර වැඩියි වගේ ඇති . ඒත් මේ තමයි ඇත්ත ලෝකය. මේ කලබල අස්සේ අපේ රටේ ජනමාධ්‍ය ලොකු වැඩක් කළා.උසස් මට්ටමේ ආපදා සන්නිවෙදනයක් සපයන්න උපරිමයෙන් කටයුතු කළා. ඒත් ඒ කරපු මෙහෙවර දියවෙලා නොයෙන විදිහට ඉදිරියටත් කටයුතු කලොත් අගෙයි. ඒත් මම උඹට කලින් කිව්වා වගේ මේක මහ පුදුම ලෝකයක්නෙ.හෙට උදේ වෙද්දී මොනා වෙලා තියේවිද දන්නෙ නෑ.
මේ විදිහට ගං වතුරත් ඇවිත් යාවී.කුණු කඳු , නාය යෑම් අපි හැමෝටම අමතක වේවි . පළාත් පාලන ජන්දෙ,ඇමති හෝමාරු,නිළධාරි මාරු සබයට ඒවී.පුරුදු විදිහට ට්‍රැක් එකේ අපි දුවාවි. මේවා මුකුත් නොදන්න යාල්පානමේ ඉන්න උඹ ඉතින් හිනාවෙයන්.ඇත්තමයි උඹ හිනාවෙන්නෙ හදවතින්මයි.ඒකයි ඔය හිනාව ඔයතරම් ලස්සන.මොකද උඹ ජීවත් වෙන්නේ උඹේ ලෝකෙ ඇතුළේ.උඹ වගේ අහිංසකයෝ අපේ රටේ හැම මුල්ලකම ඉන්නවා.උන් පව් . ලියන්නෙක් වෙච්ච මට උඹලා වෙනුවෙන් මෙහෙම ලියනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.ආයේ අපි මුණ නොගැහේවි. පුංචි පැළේ ගස වෙයන්. ඔය දීප්තිමත් ඇස්වලින් ලෝකය තියුණුවට දැකපන් මගේ පැංචියේ.
A hinawa harima sundarai sina
ReplyDeletesuper machn
ReplyDeletekiyana boho deta wada liyana podi de viteka boho de kiyanawa ape hadawathata Ridmi����
ReplyDeleteniyamai
ReplyDeletePerfect
ReplyDeleteA sina Wa tawath eliya Karala akata arutak akatu Karala oya apita godak dewal matak kala sina. A hema hinawak ma tath eliya karanna oyata suba patanawa nangiya
ReplyDeletesthuthi aiyee
Delete